සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සිට ලබන 15 වනදා දක්වා සිරකරුවන් හට අමුත්තන් බැලීම සදහා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සකස් කර දී තිබෙනවා.
එහිදී සිරකරුවන් බැලීමට පැමිණෙන ඥාතීන් හට එක් අයෙකුට ප්රමාණවත් වන පරිදි ආහාර පාර්සලයක් සහ රසකැවිලි ගෙනවිත් භාර දීමට සෑම බන්ධනාගාරකින්ම අවසර ලබා දී තිබෙනවා.

