ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.
පසුගිය 4 වැනි දා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණත් පාර්ශ්ව රැසකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා ඉදිරිපත් කිරීම කල් දැමීමට තීරණය කර ඇත.
මීට අමතරව වින්ධිතයින් සහ සාක්ෂකරුවන් ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පතක් ද, දුෂණ මර්දන පනත් කෙටුම්පතක් ද ඉදිරි සති වලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

