අයර්ලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

අයර්ලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ, පළමු තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය හිමි වී ඇත්තේ දිමුත් කරුණාරත්නට යි.

කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා වැනි ප්‍රවීණ ක්‍රීඩකයින් මෙන්ම නිෂාන් මදුෂ්ක සහ මිලාන් රත්නායක ඇතුළු නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ද සංචිතයට ඇතුලත් ය.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 16 වනදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතය.