ජෝර්ජියානු රජයට එරෙහි විරෝධතා වඩාත් දරුණු තත්ත්වයකට පත් වී තිබෙනවා.
ඊයේ ජෝර්ජියානු පාර්ලිමේන්තුව ඉදිරිපිටට රැස්වූ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පිරිසක් එරට රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක නිරත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීම සහ රජය විසින් ස්වාධීන මාධ්‍ය වෙත බලපෑම් එල්ල කිරීම රජයට එල්ල වන චෝදනා කිහිපයකි.

