පුංචි ඡන්දය ගැන සාකච්ඡාව අද

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සකස් කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මුදල් ලබා දීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම හෙට නැවත රැස්වීමට නියමිත ය.