එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප්රවාහන සේවා අද සිට ම ආරම්භ කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
අද සිට ලබන 18 වනදා දක්වා මෙම ප්රවාහන සේවා ක්රියාත්මක අතර මේ සඳහා ලංගම හා පෞද්ගලික බස් රථ 7000ක් යොදවා ඇත.
මේ අතර ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ද අවුරුදු සමය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා ක්රියාවට නංවා ඇත.

