ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව අනතුරු අඟවයි

ලෝක බැංකුවේ අලුත්ම වාර්තා අවධාරණය කර ඇත්තේ 2023 වර්ෂයේ දී සහ ඉදිරියේ දී මෙරට ආර්ථිකය සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙන බවයි.

එසේම 2023 වර්ෂය තුළ මෙරට ආර්ථිකය සියයට 4.3කින් හැකිලෙනු ඇති බවට ඔවුන් පුරෝකථනය කර ඇත.

ශ්‍රී ලංකාවේ දියාරූ දේශපාලන තත්ත්වය මෙසේ ආර්ථික තත්වය අස්ථාවර වීමට මූලික හේතුව වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සදහා බාහිර මෙන්ම ඇතැම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද අවශ්‍ය වනු ඇති බව ඔවුන්ගේ යෝජනාවයි.