ඩොනල්ඩ් ට්‍රම්ප් ට අපරාධ චෝදනා

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට නිව්යෝක් හි ප්‍රධාන ජූරි සභාව විසින් අපරාධ චෝදනා ගොනුකර ඇත.

ඔහුට එල්ලවී ඇති චෝදනා වන්නේ අසභ්‍ය චිත්‍රපට නිලියක් වෙනුවෙන් මුදල් වැය කිරීමයි. ගෙවීම් සිදුකිරීම නීත්‍යානුකූල වුවද ට්‍රම්ප් එය දක්වා ඇත්තේ ව්‍යාපාරික වියදමක් ලෙස බැවින් ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම හේතුවෙන් මේ චෝදනා ගොනු කර ඇත.

මෙලෙස අපරාධ චෝදනා ගොනුකර ඇති ප්‍රථම අමෙරිකානු ජනාධිපතිවරයා ට්‍රම්ප් වේ.