ඉන්ධන අලෙවියෙන් ලැබෙන ලාභය

ඉන්ධන අලෙවිය මේ වන විට රජය ලාභ උපයමින් ඇතැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ එක් එක් ඉන්ධන වර්ගය අලෙවියෙන් මේ වනවිට රජයට ලැබෙන ලාභය පිළිබඳ වාර්තාවක් ට්විටර් සටහනක ගෙන හැර දක්වමිනි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 1 යි ශත 63ක් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 1 යි ශත 15ක් ද, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් ශත බිංදුවයි 4ක් ද, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 2 යි ශත 26ක් ද, භූමිතෙල් ලීටරයකින් රුපියල් 2 යි ශත 66 ක් ලෙස රජය විසින් ලාභ උපයයි.