අනුරාධපුර රෝහලේ ළමා වාට්ටුව වැසී යයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වසා දැමීමට තීරණය කර ඇත.

ඒ එම රෝහලේ සේවයේ නිරතව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාම විදෙස් රටවල පදිංචියට යාම හෙතුවෙනි.

මහාචාර්ය ඒකකයට අයත් එම ළමා වාට්ටුව වසා දැමීම හේතුවෙන් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාගැනීමේ අවස්ථාවද අහිමිව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම එම රෝහලේ තවත් වෛද්‍යවරු පිරිසක්ද මේ වනවිට රට හැර යාමේ සූදානමකින් පසුවන අතර මේ හේතුව නිසා දිස්ත්‍රික්කයේ ජනතාව බරපතළ අසීරුතාවයකට පත්ව ඇත.