මේ දිනවල දී අපට පිට පිට ඉතාමත් භයානක ඛේදවාචක අසන්නට දකින්නට ලැබුණා.ඒ අතරින් ඉතාමත් අභිරහස් ලෙස ඝාතනයට ලක් වුණ කතා වැඩි වශයෙන් අසන්නට ලැබුණා.
ඉතින් ඒ වගේ මුළු රටක්ම කම්පා කිරීමට සමත් වුණා වුන එක්තරා පුවතක් ඛේදවාචකයක් අපට අසන්නට ලැබෙනවා.ඒ ඊයේ උදෑසන රත්නපුර ප්‍රදේශයෙන්.
ඊයේ උදෑසන රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයෙන් අබිරහස් ලෙස වයස අවුරුදු විසි පහක් වන පී.ජී සචිනි ජිනාදරී ජයසිංහ නමැති විශ්ව විශ්වවිද්‍යාල සිසුවිය ගේ මළ සිරුර බෝක්කුවක් යට සඟවා තිබියදී රත්නපුර ඇලපාත ප්‍රදේශවාසීන් සහ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඇය අධ්‍යාපනය ලබාගෙන තිබෙන්නේ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයෙන් වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ උපාධි අපේක්ෂිකාවක් වශයෙන් කටයුතු කොට ඇත.




