ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදලෙන් කොටසක් ඉන්දියාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා භාවිත කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඉන්දියාවේ ණය මුදලට අදාළව ඩොලර් මිලියන 121ක ණය වාරික පියවා ගැනීමට මෙම මුදල් යොදා ගෙන ඇත.
මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට බැරවී තිබූ, මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 330ක මුදලින් කොටසක් මේ සඳහා යොදා ගෙන ඇත.

