ලැබූ ණය කොටසක් ඖෂධ වලට වෙන් කරන්න

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් හිමිවන මුදලින් කොටසක් සෞඛ්‍ය පද්ධතියේ මතුව ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා ද රජය විසින් යෙදවිය යුතු බව වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සංධාන අවධාරණය කරනවා.

ඖෂධ හිඟය, ඖෂධ සැපයුම් හා රසායනාගාර සැපයුම් ක්ෂේත්‍රවල පවතින ගැටළු වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කල යුතු බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

එසේම මෙම වෙන් කරන මුදල් පූර්ණ විනිවිධභාවයකින් යුතුව අදාළ කටයුතු සඳහා යොදා ගත යුතු බවට තවදුරට ත් අදහස් දක්වමින් ප්‍රකාශ කල සිටියා.