ඩොලරයේ වෙනසක්

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව සුළු වෙනස්වීමක් දක්නට ලැබෙනවා

මහජන බැංකුවට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් සහ විකිණුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල අද දිනයේදී රු. 310.62ක් ලෙස ද ඩොලරයේ විකිණුම් මිල අද දිනයේදී රු. 332.99ක් ලෙස ද ඉහළ ගොස් ඇත.

ලංකා බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.311ක් වූ අතර විකිණුම් මිල රු.329.54ක් ලෙස අද සටහන් ව තිබෙනවා.

මේ අතර සම්පත් බැංකුවේ විනිමය අනුපාත අගයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 310ක් ලෙස සටහන්ව තිබෙන අතර ඩොලරයේ ගැනුම් මිල රු. 325ක් ලෙස සටහන්ව ඇත.

කොමර්ෂල් බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල අද රු. 311.69ක් ලෙස සටහන්වූ අතර ඩොලරයේ විකිණුම් මිල රු.330ක් ලෙස සටහන්ව තිබුණා.

සෙලාන් බැංකුවේ අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රු. 309ක් ලෙස සටහන්ව තිබෙන අතර විකිණුම් මිල රු. 331ක් ලෙස සඳහන්ව ඇත.

හැටන් නැෂනල් බැංකුවේ අමෙරිකානු ඩොලරයයේ අද ගැනුම් මිල රු. 310ක් සහ විකුණුම් මිල රු. 330ක් ලෙස සටහන්ව ඇත.