යස් බොස් එකේ , රෝශිනිට අවුරුදු 21 ක දුවෙක් ඉන්නවා

‘ඉර බටු තරුව’ ටෙලිනාට්‍යයෙන් පටන් ගත්ත ඇගේ කලා ජීවිතය තුළ මේ වන විට ටෙලිනාට්‍යය හා සිනමා නිර්මාණ ගණනාවකම ඇය සිය රංගන දක්ෂතාවය විදහා දැක් වූවා. ඉතින් මේ දක්ෂ රංගන ශිල්පිනිය තමයි සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ. එදා ‘යස් බොස්’ කතා මාලාව හරහා ප්‍රේක්ෂකයා වින්දනයට පත් කරවන්නට හැකි ඇගේ රංගන පරාසය තුළ සෑම චරිතයකටම සාධාරණයක් ඉටු කරන්න පුලුවන් කෙනෙක් තමයි ඇය.

සේමිණි ඉද්දමල්ගොඩ රංගනයෙන් දායක වෙන ‘එයා දැන් බැදලා’ අලුත්ම ටෙලිනාට්‍යයක් ප්‍රේක්ෂකයාට මේ වන විට දැක බලා ගන්න පුලුවන්. එදා සිට අද දක්වාම කලා ක්ශේෂ්ත්‍රය තුල කැපී පෙනෙන චරිත රංගනය කල සේමිණී ඉද්දමල්ගොඩ ආදරණීය මවක්. ඒ ගැන ඇය හරිම ආඩම්බරයෙන් අදහස් දැක්වූයේ මේ විදියටයි.

” මම දැන් ගොඩක් ආඩම්බරෙන් ඉන්නේ. ඒ මට අවුරුදු 21 ක දුවෙක් ඉන්නවා. අම්මෙක්ට ඉතින් වෙන මොන සතුටක්ද ලොකු දුවෙක් ඉන්න එක ගැන. එයා කලා ක්ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙනවට මම කැමතිත් නෑ. අනික එයා කැමතිත් නෑ සම්බන්ධ වෙන්න. උසස් අධ්‍යාපනය හදාරනවා. මම කැමති නෑ එයා නිළියක් වෙනවට.’’

මේ විදියටයි සේමිණී ඉද්දමල්ගොඩ ජනප්‍රිය රංගන ශිල්පිනිය අදහස් දක්වලා තිබුණේ. ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල වගේම සිය පවුලට සුබම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

No photo description available.
May be an image of one or more people, people standing and text
No photo description available.