කොළඹ වරාය නගරය සඳහා කාණ්ඩ 03 ක් යටතේ නව වීසා


කොළඹ වරාය නගරය සඳහා කාණ්ඩ තුනක් යටතේ නව වීසා හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය , තොරතුරු තාක්ෂණ හා සංචාරක වැනි විවිධ සේවාවන් සඳහා පැමිණිමට නියමිත ආයෝජකයින් සහ අනෙකුත් අදාළ පාර්ශවයන්ට අදාළ වීසා නිකුත් කිරීමට නියමිතයි.