පසුගිය කාලේ සමාජ ජාලාවල හැමෝම කතාබහ කරපු හැමෝම හිනාවුණු කපල් එකක් ඔයාලට මතක ඇති කියල හිතනවා. විවාහ ගිවිස ගන්න වෙලාවේ “තෙරුවන් සරණයි” කියලා අත්සන් කරපු කපල් එක ගොඩක් අයට මතක ඇති කියල හිතනවා. එයාලාගේ Pre Shoot එකේ ඡායාරූප ඔවුන්ගේ ඡායාරූප ශිල්පියා සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා. ඔහු මේ යුවලව නම් කරලා තිබුණේම “තෙරුවන් සරණයි කපල් එක” යන නමින්මයි.






