රුසියානු ජනපතිගේ උපන්දිනය ට ලැබුණු ට්‍රැක්ටරය

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ 70වන ජන්ම දිනය නිමිත්තෙන් ඔහුට ට්‍රැක්ටරයක් ත්‍යාග ලෙස ලැබ තිබෙනවා.

එම ත්‍යාගය ලබා දී ඇත්තේ පුටින් හිතවාදී බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ විසින්.

එය බෙලරුසියාවේ නිෂ්පාදිත ට්‍රැක්ටරයක් බව වාර්තා වෙයි.