දියතලාව ගුවන් හමුදා පුහුණු පරිශ්රයේ තිබූ ළිඳකින් ආධුනික ගුවන් හමුදා පුහුණු සෙබලකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ සෙබලා කඳවුරෙහි නොමැති බවට අනාවරණය වීමත් සමඟ සිදු කළ සොයා බැලීමක දී ඔහුගේ සිරුර සොයාගත් බවයි. මෙලෙස මියගොස් ඇත්තේ මාතර ප්රදේශයේ පදිංචි ආධුනික සෙබලකු වන අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

