ස්පාඤ්ඤයේ ඉදං Model Cars Designing කරණ අපේ රටේ කොල්ලා

පිටරට ගිහින් වාහන අලුත් විදියට design කරලා අලුත් විදිය හිතන තරුණයෙක් අපිට මුණ ගැහුණා , අපි කතා කරලා බලමු ඔහුත් එක්ක

තෙවිදු කොහොමද ඉතිං ?

ගොඩක් හොදින් ඉන්නවා, මේ දවස් වල summer vacation එක නිසා මගේ paintings කරන ගමන් car concepts ටිකකුත් කරගෙන ඉන්නවා Barcelona වලට වෙලා.

ඔයා ගැන පොඩි විස්තරයක් කරොත් ?

මම තෙවිදු තිනීෂ රාජපක්ෂ. දැන් අවුරුදු 21 ලැබුවේ. උසස්/ පෙළ හැදෑරුවේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ. ඇත්තටම තාත්තාගෙන් තමයි මං චිත්‍ර අදින්න ඉගෙන ගත්තේ ඊට පස්සේ වාහන අදින්න ගත්තා. ඒත් එක්ක තමයි මං මගේ විදියට car design කරන්න පටන් ගත්තේ. හැබැයි එතකොට මං දැනන් හිටියේ නැහැ car design කරන එක job එකක් විදියට ඉගෙන ගන්න පුළුවන් වෙන දෙයක් කියල. මොකද ලංකාවේ එහෙම දෙයක් මං හෙව්වට හොයා ගන්න හම්බුණේ නැහැ.

ස්පාඤ්ඤයේ ඉදං මොකද කරන්නේ ?

මන් ස්පාඤ්ඤයට ආවේ , මං මෙහෙ university දෙකකට apply කරා online හරහා. ඒ දෙකටම කරපු , projects පෙන්නන් ඕනි. ඉතිං මං මගේ concept car projects දෙකක් එයාලට යැව්වා. university දෙකටම. ඒක International competition දෙකක්. ඒ university දෙකෙන්ම මගේ project දෙක තමයි NO #01 select වුණේ. ඒ හැමදේම මං යවලත් ගෙදර අය දැනගෙන හිටියේ නැහැ. පස්සේ තමයි මන් එයාලට කිව්වේ මෙහෙම මගේ වැඩ යැව්වට පස්සේ මං ඒ දෙකෙන්ම පළවෙනියා කියල. පස්සේ අපි කල්පනා කරලා Spain වල Barcelona IED university එක තෝර ගත්තා මගේ ඉගෙනීම කටයුතු වලට. දැන් මං ස්පාඤ්ඤයට ඇවිල්ල අවුරුද්දක් වෙනවා

කොල්ලෝ කෙල්ලෝ පිස්සු වටෙන්නම වාහන design කරනවා කියල ආරංචි ?

පොඩි crowd එකක් නම් ඉන්නවා දැනට. මගේ යාලුවෝ සහ ස්පාඤ්ඤයේ මට හම්බුණ මගේ designs වලට ආස අය දැනට ඉන්නවා. මන් දැන් university එකේ නිකන් sketch එකක් නිකන් ඇදලා දැන්නමත් – name එක නැතුව , ඒක මගේ එකක් කියලා හැමෝම දන්නවා. මොකද මං මගේම style එකක් හදාගෙන ඉන්න නිසා හැමෝම දන්නවා එක මගේ වැඩක් කියල.

ස්පාඤ්ඤයේ ඉගෙන ගන්න university එකේ batch top ඔයා කියල ආරංචියකුත් තියනවා , ඇත්ත ද ?

මං scholarship student කෙනෙක්. ඒක නිසා high average එකක් තියාගන්න ඕනි නේ අනිවාරෙන්ම. ඒක නිසා මහන්සිවෙලා top තියාගෙනම ඉන්නවා

මේ දවස් වල මිනී කූපර් model design එකක , ෆොටෝස් ටිකක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා දැක්ක. ඒ ගැන ඔයාට කියන්න දෙයක් තියනවා කියල මන් හිතනවා ?

Classic cars වලට ආස අය ගොඩක් ඉන්නවා නේ. Classic cars කිව්වම අයින් කරන්න බැරිම එකක් තමයි mini cooper කියන්නේ. අපේ ගොඩක් අය
cooper පිස්සෝ නේ ලෝකේ ගොඩක් ඉන්නේ. ඉතිං මාත් ගොඩක් ජාතියේ කාර් වලට ආසයි. mini cooper කියන්නේ ඒ cars වලින් එකක්. මට ඕනි වුණේ , දැන් කාලේ classic car එකක් electric කරලා , එකේ ඇතුළත විතරක් නැතුව , පෙනුමෙන් පවා අලුත් technology use කරලා මගේම design style එකක් එකතු කරන්න .retro design style එකට මන් මේ design එක කරලා තියෙන්නේ . Wide body kit එකක් spoiler එකක් , retro design interior
එකක් wide spoiler එකක් දාලා තමයි මං මේ design එක හැදුවේ. එකෙන් ලැබුණු ගොඩක් comments මට හිතා ගන්න බැරි තරම්.

ගොඩක් සතුටුයි මගේ designs එයාලගේ වාහන වලටත් design කර ගන්න අදහසක් තියනවා කිව්වම.

ඉතාලියේ මිලානෝ වල designer week එකට නම වැටිලා තිබ්බා කියලත් අපිට ආරංචියක් ලැබුණා ? ඒ ගැන පොඩ්ඩක් කියමු ?

මං 2nd year student කෙනෙක් , 4th year 3rd year අයගේ project එකක් තමයි Milan design week එකට යන්නේ. මගේ 2nd year final project එකක් දැකලා තිබ්බා , Milan design week එක භාරව ඉන්න professor. ඊට පස්සේ තමයි මාව team එකට ගත්තේ. ඇත්තටම මට ඒක ලොකු experience එකක් වුණා . මොකද ඒක car design group එකක් නෙවෙයි. Fashion design and motion graphic design groups දෙකක්. අපේ වැඩේ Italy වල design week eke successfully විදියටම present කරා. ඒ ගැන ගොඩක් සතුටයි.

ඉදිරි අනාගතයේ මොනාද තියෙන ප්ලෑන්ස් එහෙම ?

මගේ plans ගොඩක් private. හිතේ තියන් ඉන්නවා ගොඩක් දේවල්. මං designer කෙනෙක් විදියට මගේ goal එක share කරගන්න කැමති . මං JDM , muscle cars , classic cars පිස්සෙක්. මට ඕනි වුණේ design කරද්දී අලුත්ම concept එකක්. අවුරුදු ගාණකට පස්සෙත් ඒක appreciate කරන්න පුළුවන් විදිහේ designs හදන්න තමයි මට ඕනි. අනිත් එක car එකක් point A to point B යන්න ගන්න කෙනයි car එකට තමන්ගේ කෙනක් විදියට treat කරණ අයයි දෙගොල්ලක් ඉන්නවා නේ , මට ඕනි මගේ designs වලටත්තමන්ගේ කෙනෙක් විදියට treat කරන්න හිතෙන concepts හදන්න. මගේ design concept එක මේක…

දිගටම ස්පාඤ්ඤයේ ඉන්න ද කල්පනාව ?

Europe වල ඉන්න තමයි කල්පනාව. Spain වලම ඉන්න නෙවෙයි. මොකද designing field එකට දැනට Europe තමයි මගේ experience එකත් එක්ක හොදම තැන කියල මට හිතෙන්නේ.

අනිවාරෙන්ම උදව් කරපු අයට මොන හරි කියන්න ඇති කියල මන් හිතනවා ?

මට මුල ඉදන්ම හැමදේටම උදව් කරේ මගේ අම්මයි තාත්තයි , තාත්ත Arawinda Rajapakse , අම්ම Thushari Rajapakse .

තාත්තගෙන් චිත්‍ර අදින්න ඉගෙන ගත්තා, ඒක නිසා cars වලට ආස වුන එක අන්තිමට මගේ dream එකම වුණා cars design කරන එක. මට කිසි අඩුවක් වුණේ නැහැ මට මගේ goal එකට යන්න , ඒ දෙන්නගේ support එක නිසා. මේක ලංකාව ඇතුලේ තිබ්බේ නැති දෙයක් වෙලත් මගේ goal එකට යන්න නිදහස දුන්නා. ඒ දෙන්නට තමයි මුලින්ම ස්තුතියි වන්ත වෙන්න ඕනි. ආයේ මගේ paintings පැත්තෙන් ලංකාවේ ඉද්දි මට new crowd එකක් හම්බවුණා. එකක් ” සිරිසෝම “ පේජ් එකෙන් මාව ටිකක් මිනිස්සු අතරට ගෙනියන්න motivation එකක් දුන්නා. මේ පාරත් mini cooper එකෙන් කරපු වැඩේ “cooper බුවා “ @cooperbuwa අයියා share කරපු නිසා මගේ redesign එකකට හිතාගන්න බැරි තරම් comments සහ සුභපැතුම් ගොඩක් ලැබුණා. මගේ යාලුවෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනා තමයි මගේ car design කවුරුත් දැකලා නැති කාලේ ඉදං , ඒවා wallpapers දාගෙන share කරලා මට support එක දුන්නේ. මට හම්බුනා මගේ හොදම යාලුවෝ ( Thamindu , Nisal , Deshan , Dulaksha ) 4 දෙනාටයි , මගේ designs appreciate කරන අයටයි , මං ගොඩක්ම ස්තුතියි වන්ත වෙන්නේ.

බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරන්න එකතු වුණාට , ඒ වගේම ලංකාවේ නම ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්න කියල අපි සුභ පතනවා !

බොහොම ස්තුතියි මට මේක share කරගන්න ලොකු chance එකක් අරන් දුන්නට. කොහොම හරි ලංකාවේ නම ගෙනියන්න පුළුවන් වැඩක් මං කොහොම හරි කරනවා.

සටහන – ධනුජය රත්නායක