ආචාර්ය නන්දලාල් වීරසිංහ තවත් වසර 06ක් සඳහා මහ බැංකු අධිපති ධුරයට පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.
මහ බැංකු අධිපතිවරයාගේ පත්වීම් ලිපිය කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා විසින් අද පස්වරුවේ ආචාර්ය නන්දලාල් වීරසිංහ වෙත භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

