ඉන්ධන පිරවුම්හලක තෙල් ලබා ගැනීම වෙනුවෙන් පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර – වෑකඩ ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක රැඳී සිටි 55 හැවිරිදි ත්රීරෝද රථ රියැදුරෙක්. පොලිසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

