ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන අංශය තවදුරටත් දියුණු කිරීමට හා නවෝත්පාදනයන්ට තාක්ෂණික සහාය ලබා දීම සඳහා වන ගිවිසුමකට අමෙරිකාවේ මෙරට තානාපතිවරිය ඊයේ (15) අත්සන් තබා තිබෙනවා. VEGA ආයතනය සමග එම ගිවිසුම අත්සන් තබා ඇති අතර ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් ඒ සඳහා අරමුදල් සම්පාදනය කිරීමට නියමිත බව වාර්තා කර තිබෙනවා.

