ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සහ මරණ අඩුවේ

දින 45කට පසු පළමු වරට ඉන්දියාවේ දෛනික අඩුම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබේ.

ඒ අනුව ගත වූ පැය 24 තුළ එරටින් හඳුනාගෙන ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 173,790ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට ඉන්දියාවෙන් දෛනිකව හඳුනාගන්නා නව ආසාදිතයින් සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරන අතර දෛනික ආසාදිතයින් ලක්ෂ 2කට අඩු සංඛ්‍යාවක් වාර්තා වූ දෙවන දිනය ලෙස ඊයේ (28) දිනය සැලකේ.

කෙසේවෙතත් ඊයේ දිනයේ ද එරටින් කොවිඩ් මරණ 3,617ක් සිදුව තිබේ.

මේ වන විට ඉන්දියාවේ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 27,729,247ක් වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 322,512ක් වේ.

මේ අතර නවදිල්ලියට පනවා තිබු සංචරණ සීමා ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මැයි 31 සිට ව්‍යාපාර සඳහා සංචරණ සීමා ලිහිල් වෙනු ඇත.