ශ්‍රී ලංකාවෙන් ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 313 දෙනා අතුරින් බහුතරය සටහන් වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම ගණන පුද්ගලයින් 106 ක්.
මීට අමතරව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.
- ගම්පහ 66
- මාතර 29
- මහනුවර 16
- වව්නියාව 12
- ගාල්ල 10
- අනුරාධපුර 09
- කුරුණෑගල 08
- කලුතර 07
- අම්පාර 06
- ත්‍රිකුණාමලය 06
- හම්බන්තොට 05
- මාතලේ 05
- යාපනය 05
- මඩකලපුව 03
- නුවරඑළිය 02
- කෑගල්ල 02
- පොළොන්නරුව 01
- පුත්තලම 01
- කිළිනොච්චි 01
- මන්නාරම 01
- රත්නපුර 01
අනෙකකුත් 11 දෙනා වාර්තා වී ඇත්තේ විදේශයන්හි සිට පැමිණි අය අතරින් වනවා.

