කොවිඩ් -19 තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නුවර මාසයක කාලයක් හුදකලා කිරීමට පියවරගෙන තිබේ.
අද (19) මධ්‍යම රාත්‍රීයේ සිට තවත් කලාප 15ක් හුදකලා කිරීමට තීරණයකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවුවද එය මීට පෙර හුදකලා කළ තත්වයන් තරම් දැඩි නොවන බව අග්‍රාමාත්‍ය ජින් කැස්ටෙක්ස් ප්‍රකාශකර ඇත.
මේ අතර යුරෝපා රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම යළි ආරම්භ කිරීමට තීරණයකර තිබේ.
යුරෝපා ඖෂධ ඒජන්සිය මඟින් අදාළ එන්නත ලබාදීම ආරක්ෂිත හා ප්‍රතිඵලදායක බවට තහවුරු කිරීමෙන් පසු යුරෝපා රටවල් 13ක් මෙම තීරණයගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

