ඉන්දියාවේ දවසට ආසාදිතයින් 73000 ඉක්මවනවා

ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 73,196 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6,977,008 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ පමණක් එරටින් කොවිඩ් මරණ 929ක් වාර්තා වී ඇත.

ඒ අනුව මේ වන විට ඉන්දියාවේ සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 2 ට ආසන්න බව විදෙස් වාර්තා සඳහන් කළේය.