Dimi3 හිමි වෙලා අහිමි උනු ආදරයක් ගැන කියයි

ලංකාවේ සංගීත කලාව තුළ විශාල වෙනස්කම් සිදු කරලා අළුත් දේවල් අත්හදා බලමින් සංගීත ලෝකය තුළ ජනප්‍රියත්වයට පත් ගායකයෙකු සහ සංගීතඥයෙකු ලෙස දිමිත්‍රි රාජසිංහ හදුන්වන්න පුළුවන්. ඕනිම කෙනෙක් එක්ක කිසිම බේදයකින් තොරව කතා බහ කරන නිහතමානී චරිතයක් කිව්වොත් මං හිතන්නේ මං හරියටම හරි. පසුගිය කාලයේ ඔහු විසින් එළිදැක්වූ ගීත බොහෝමයක් සිංදු ජනප්‍රිය වුණා. ඒ ඔහුගේ හැකියාවත් සමග කරන අළුත් වැඩ නිසාමයි. ඔන්න ඉතින් ආයෙත් අළුත් වැඩක් පටන්ගෙන සමාජ ජාල වල හුවමාරු වෙමින් තිබ්බ නිසා ඒ ගැනත් අපි හිතුවා කතා කරන්න.

දිමිත්‍රි අපිට කිව්වේ මෙහෙමයි

හිමි වෙලා අහිමි උනු ආදරයක් අපි හැමෝටම තියනවා, මේ ගීතයත් ඒ වගේ ආදරයක් ගැන. ගැලපෙන ජෝඩුවක් සෙට් උනාම ඒ දෙන්නාගෙ ශුංගාරය උපරිමයි, ඉතින් මේ ගීතයේ කතා නායක තුමාට හම්බෙනව එහෙම කෙල්ලෙක්, ඒත් වැඩි කලක් මේ පෙම් රස විඳින්න වෙන්නෙ නෑ, කෙල්ලගෙ කලින් කොල්ලා ආපහු කෙල්ලට කතා කරන්න ගන්නවා, අවුරුදු ගානක මතක සහ කලින් පෙම් අත්දැකීම් එක්ක කෙල්ල පරණ කොල්ලගෙ පැත්තට ආපහු හැරෙන්න ගන්නවා, ඉතින් කෙල්ලො කොහොමත් එහෙමනෙ, හරියන මිනිහව තෝරගන්න කෙල්ලො දන්නෙ නෑ. කෙල්ල කියනවා පරණ කෙනාට තවම එයාගෙ හිතේ ආදරයක් තියනවා එයා දැන් වෙනස් වෙලා, මම එයා ලඟට යනව කියලා. ඉතිං වෙන මොනවා කියන්නද, සින්දුවෙ කතා නායක තුමා මෙන්න මේ සින්දුව ලියල ඒ කෙල්ලට තෑග්ගක් විදිහට දීලා සුභ පතනවා, ශුංගාරය, විරහව සහ ප්‍රේමයේ සුන්දරත්වය එක්ක තමන්ගෙ දුකත් ටිකක් විතර කලවම් උනු අමුතු සින්දුවක් කිව්වොත් වැරැද්දක් නෑ,

මේ ගීතය ලිව්වෙ, සංගීතය නිර්මාණය කලේ සහ ගායනය කලේ Dimi3 (දිමිත්‍රි රාජසිංහ).
ගීතයේ සහාය අධ්‍යක්ෂණය කලේ Jizzy (Yeshan Menaka )
ලස්සන Cover art එක කලේ චානක රුවන් අත්තනායක (OSAGi 兔)