ලිංගිකත්වයට යට උණු ආදරේ (+18)

පට්ට කාලෙකින් article එකක් ලියන්න ගත්තේ , ලියන්න ගත්ත මාතෘකාවත් මහා කුප්ප – මහ වල් මාතෘකාවක් උනා ඔන්න. හැබැයි මන් අද කියන්න යන්නේ අද සමාජේ බහුලව දකින්න තියන සෙක්ස් වලට නැත්තම් ලිංගිකත්වයට පමණක් යට උන ආදරේ ගැන.

ඔන්න එහෙනම් මං කතාවට බහිනවා.

අද කාලේ ගොඩක් කොල්ලෝ සෙක්ස් වලට තමයි මුල් තැන දෙන්නේ. කෙල්ලෙක් ඉන්නවා නම් එයා එක්ක රූම් යන එක තමයි කොල්ලගේ තියන එකම හීනේ. ඔන්න ඕකයි අද සමාජේ හැදිලා තියන විදිය. හැබැයි කෙල්ල බෑ මට දැන්ම බෑ මේ දේවල් කරන්න , මං කැමති නැහැ මේ දේ දැන්ම නැති කරගන්න (virgin) කිව්වම කොල්ලා කියන එකම දේ තමයි ඔයා බය වෙන්න එපා මං ඔයාව තමයි බදින්නේ ඔයා තමයි මගේ ජිවිතේ කියනවා. කෙල්ලනේ ඔව්වට නම් අහුවෙන්න එපා ඔව්වා සුරංගනා කතා. අරූ වැඩේ කරාට පස්සේ ආයෙත් හොයන්නත් නැහැ. ඇන්නා පැන්නා තමයි ඉතීම්. හරි කොහොම හරි එහෙම දෙයක් වෙලා කොල්ලා කෙල්ලව දාලා ගියා කියමුකෝ.. අර ඇන්නා පැන්නා එකා චීත්තයක් නම් ඒ කෙල්ලව යාළුවෝ ඉස්සරහා බඩුවක් කරලා ඉවරයි. කරුමෙට විඩියෝ කරලා එහෙම තිබ්බ නම් සදාසොත්ති තමයි ඉතීම්. ඒක නිසා කොල්ලා හැම වෙලාවේම රූම් යන්න ඕනි මට මේක කරන්න දෙන්න අරක කරන්න දෙන්න කියනවා කියන්නේ , එතන ආදරයක් ඇත්තෙම නැහැ. ඒක නිසා පරිස්සමෙන්

අනිත් එක තමයි අපි බදිමු ද කියල අහනවා. ඒ අහන්නේ උඩ කිව්ව දේවල් කරගන්න බැරි උනාම අන්තිමට කෙල්ලගෙන් කොල්ලා අහනවා බදිමුද කියලා . කෙල්ල කැමති වෙනවා බැන්දට පස්සේ හැමදේම කරත් ප්‍රශ්ණයක් නැහැ දැන් අපි බැදලානේ කියල. හැබැයි අද කාලේ ඔය හුච්ච කොල්ලෝ ගොඩක් ආදරේ කරන්න දන්නේ නැහැ. ආදරේ කියන දේ තේරුම දන්නේ නැහැ. උන්ට ඕනි කෙල්ල එක්ක ඇදක් උඩ ඉන්න.දෙන්නගේ තේරුම් ගැනීමක් නැත්තම් කවදාවත් හදිස්සි වෙන්න එපා කියලයි මගේ මතේ. මොකද ඊටපස්සේ කොල්ලගේ ජීවිතෙත් නාස්ති වෙලා කෙල්ලත් නාස්ති වෙලා. සමහර විට පොඩි වයසින්ම බබෙකුත් අතේ. අපි හැමෝටම විදින්න පුළුවන් ජිවිතයක් තියනවා ඒක විදින්න පුරුදු වෙනවා මිසක් ඒක කළින්ම නාස්ති කරගන්නවා කියන්නේ ජිවිතේ කරන ලොකුම මෝඩකමක්. නිසි වයසදී කරන්න තියන දේවල් කළින් අත්හදා බලපුවාම කවදා හරි බැන්දට පස්සේ ඒ දේ ආතල් එකක් නැත්තම් අගයක් නැහැ කියලයි මගේ මතේ.

උදාහරණයකට කෙල්ලෙක්ව ගන්නම් කෝ. ඒකිට අවුරුදු 20යි. ඒකි දාර බඩුවක් කියලා හිතන්නකෝ .ලොල්.. වටේ ඉන්න ඔක්කම ගහලා ආයේ ඇතුල ගෙවිලා තියෙන්නේ කියල හිතන්න කෝ. ඔහොම වටේ ඉන්න ඔක්කොම එක්ක බුදියලා බුදියලා , අවුරුදු 25 වගේ එපා වෙලා හැමදේම නතර කරා කියා හිතන්න. පස්සේ ඒකි අවුරුදු 28 වගේ බදිනවා. බදින්නේ පට්ට හොද කොල්ලෙක් කියල හිතන්න , ඒ කොල්ල කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලපු නැති පට්ට අවංක කොල්ලෙක් ( මං වගේ – ලොල් ) තමයි ඒකිට බදින්න සෙට් වෙන්නේ. බැන්දට පස්සේ ඒ කොල්ලා ගැන දැනගත්තට පස්සේ ඒ කෙල්ල කොච්චර විදවයි ද ? ජීවිත කාලෙම විදවනවා නේද ? මේ කොල්ලා කෙල්ල ගැන දන ගත්තොත් මුට්ටකර ගහපු එකත් මේකිට ඇනලා කියල අර අහිංසක කොල්ලගේ ජිවිතේ එතනින් ඉවරයි නේද ? මේක උදාහරණයක් උනාට මේක තමයි අද තියන සැබෑ යථාර්තය. හැමදේටම හදිස්සි වෙන්න එපා කවදාවත්.

ඔන්න ආයේ කතාවට බහිනවා එහෙනම්

සමහර කොල්ලෝ ඉන්නවා නේද අනේ මට ඔයාගේ කන්‍යාභවය වැඩක් නැහැ කියල ළගට එන උන් ? අන්න ඕකුන් නම් රට ඇම්ඩන්ලා. ඕකුන් දැන ගත්තට පස්සේ ඔයාගේ virgin නැහැ කියලා ඕකුන් කැරකෙන්නේ ඇන ඇන ඉන්න. එහෙම කොල්ලෝ කැරකෙනවා නම් පට්ටම පරිස්සමෙන්. බබෙකුත් දීලා යයි මතක් වෙන්න ලොල්..

මාත් කියවන්න ගත්තම බ්‍රේක් නැහැ නේ ඉතීම් මට කියන්න ඕනි උනේ අද කාලේ ගොඩක් කෙල්ලෝ කොල්ලව විශ්වාස කරලා කෙල්ලගේ තියන වටිනාම දේ කොල්ලා වෙනුවෙන් දෙනවා මෝඩ වෙලා. කවදාවත් ඒ දේ කරන්න එපා. කොල්ල පට්ට genuine ඩයල් එකක් නම් , කවදාවත් ඔයාගෙන් ඒ දේවල් ඉල්ලන්නේ නැහැ. ඔයාව විතරයි එයා පතන්නේ. අනික සිරා ලවර් කෙනෙක් නම් ඔයාව පට්ටට ආරක්ෂා කරනවා සුපිරි කොල්ලෙක් නම්. නැත්තම් බැක් සයිඩ් ඕකේ ද කියලවත් අහන්නේ නැහැ ලොල්.

හරි හරි ඔය මොනා උනත් අම්මලා තාත්තලට මුණ දෙන්න පුළුවන් විදියට ජීවත් වෙයල්ලා. එයාල තමයි අපේ ජීවිතේම. ඔය මොකා ඇනල ගියත් අන්තිමට ඉතිරි වෙන්නේ ඒ අහිංසක දෙමාපියන්. සෙක්ස් කියන්නේ ජිවිතේ තප්පර ගාණකට විදින්න පුළුවන් සතුටක් විතරයි. ඒ දේට ආශා වෙලා පොඩි වයසින් උබ නාස්ති නොවී ඉන්න බලපන් ට්‍රයි කරපන්. උබ බදින දවසට හිතට පට්ට සතුටක් දැනෙයි මං මෙයා එක්ක තමයි ඉස්සල්ලම නිදා ගන්නේ කියල.

එහෙනම් අදට මං නතර වෙනවා. මාත් සක්කිළියා වගේ කියවන්න ගත්තම ඉතින් නතර කරන්නේ නැහැ. ලොල්. එහෙනම් පරිස්සමෙන් ඉදපල්ලා. හිතට ගනින් මං කිව්ව දේවල්

බුදු සරණයි !

ධනුජය රත්නායක