රාජසන්තක කළ මෝටර් රථ ආරක්ෂක හමුදාව සහ රාජ්‍ය ආයතන වලට

රේගුව බාරයට ගෙන රාජසන්තක කළ මෝටර් රථ ආරක්ෂක හමුදාව සහ රාජ්‍ය ආයතන වෙත මුදාහැරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.