ජනපතිගෙන් විපක්ෂයට තරවටුවක්

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා තමා වෙත යොමු කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශනයට පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව දැනුම් දී තිබෙනවා.

විපක්ෂයේ ප්‍රකාශනයට අත්සන් තබා ඇති පාර්ශ්ව මැතිවරණ පැවැත්වීම අවශ්‍ය නැතැයි කල්පනා කරන බව නිරීක්ෂණය වන්නේයැයි හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වනවා.

කොවිඩ් -19 වෛරසය පාලනය කොට ජන ජිවිතය සුරක්ෂිත කිරීමට රාජ්‍ය තන්ත්‍රයම කැපවී ඇති අවස්ථාවක විපක්ෂය පටු දේශපාලන ක්‍රියාවලියක නිරතවන බවත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යවන ලද ලිපියේ සඳහන් වනවා.

Image