කොරෝනා රෝගීන් ගෙන් 53 දෙනෙක් නාවික හමුදාවේ

ඊයේ (26) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගීන් 63 දෙනා ගෙන් 53 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරින් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මෙලෙස වාර්තා වූ නාවික හමුදා නිලධාරින් ගෙන් 16 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරු තුලින්ද 37 දෙනෙක් පිටතදී ද හමුව ඇති බවත් ඔහු සදහන් වැඩි දුරටත් කරනවා.