සුළඟින් වව්නියාවේ නිවාස කිහිපයකට හානි

වර්ෂාවත් සමඟ වව්නියාව කනගරායන්කුලම ප්‍රදේශයට ඊයේ (26) හමාගිය සුළං තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ නිවාස 14 කට හානි සිදුව ඇත.

කනගරායන්කුලම ප්‍රදේශවාසීන් පැවසූවේ කනගරායන්කුලම උතුර ප්‍රදේශයේ නිවාස 14ක වහලවලට එලෙස හානි සිදුව ඇති බවයි.

සුළං තත්ත්වය මත ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ගස් කඩා වැටීම සිදුව ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත දැනුම්දීම සිදුකළ බවද ප්‍රදේශවාසීන් පැවසූහ.