ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 14966ක් වෙයි

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අද(06) දහවල් 12 වන විට පුද්ගලයින් 14966ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර අත්අඩංගුවට පත් වාහන සංඛ්‍යාව 3751 ක් බව පොලීසිය පවසයි.

අද උදෑසන 6 සිට දහවල් 12 වන තෙක් පමණක් ගත වු පැය 6 තුළ පුද්ගලයින් 171 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ වාහන 86 ක් ද පොලිස් බාරයට ගෙන ඇත.