ශ්‍රී ලංකාවට ණය දුන් රටවලට IMF අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම චීනය, ඉන්දියාව ඇතුළු ණය හිමියන් තවදුරටත් ප්‍රමාද වුවහොත් එය එම ණය හිමියන්ටද අහිතකරව බලපානු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
ඒ අනුව ණය හිමියන්ට ණය ආපසු අය කර ගැනීමේ හැකියාව මෙමගින් අඩුවිය හැකි බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රමෝපාය ප්‍රතිපත්ති සහ ඇගයීම් නියෝජ්‍ය අධ්‍යක්ෂ මාක් ෆ්ලැනගන් පවසන්නේ.