කොළඹ වරාය නගරය සඳහා කාණ්ඩ තුනක් යටතේ නව වීසා හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය , තොරතුරු තාක්ෂණ හා සංචාරක වැනි විවිධ සේවාවන් සඳහා පැමිණිමට නියමිත ආයෝජකයින් සහ අනෙකුත් අදාළ පාර්ශවයන්ට අදාළ වීසා නිකුත් කිරීමට නියමිතයි.

