මසකටත් අඩු කාලයක දී කොළඹ ඇතුළු දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගල ඝාතන 10ක් සිදුව තිබෙනවා.
ඉන් අවසන් ඝාතන කිහිපය කැළණිය පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වීම විශේෂත්වයක්.
ඊයේ රාත්රි කාලයේ ආසන්තම සිදුවීම පෑලියගොඩ දුම්රියපොල පාර ප්රදේශයෙන් වාර්තා වු අතර, එහිදි මියගොස් තිබුණේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙක්.
ඔහු සිය බිරිඳ සහ දෙහැවිරිදි පුතු සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදි තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඝාතනය සිදුකර පලා ගොස් තිබුනා.
වැඩිදුර විමර්ශණවල දි හෙළිවූයේ මෙම ඝාතනය සිද්ධියට හේතුව පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් බවයි.
මියගිය හිටපු පොලිස් කොස්තාපල්වරයා පොලිස් අත්තනායක නමින් හදුන්වන පාතාල කල්ලි සාමාජිකයෙක් බවට ද අනාවරණ වුණා.
කෙසේ වෙතත් මේ දක්වා වාර්තා වූ වෙඩි තැබීම් බොහොමයකට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

