ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇති ව ගෙවීමට මහබැංකු අධිපතිවරයා එකඟතාව පළ කර තිබෙනවා. එසේ ම, දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ද දැනුම් දී ඇති බව සඳහන්. මෙරටට ඉන්ධන ආනයනය කර සැපයුම් කළ ප්රධාන සමාගම්වල නියෝජිතයන් සහ ජනාධිපති අතර අද (27) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවක දි යි මේ බව අවධාරණය වී ඇත්තේ. ඉදිරි මාස කිහිපය සඳහා ඉන්ධන සැපයුම කළමනාකරණය කිරීමට සහ නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද මෙහි දී ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.
එම සම්පූර්ණ විස්තරය පහතින්


