කොරෝනා ආසාදිතයින් 166,484 – සුවය ලැබූ ගණන 139,947

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2,283 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 166,484කි.

මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 1,296 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දිනයේ  පිටවගොස් තිබේ.

ඒ අනව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 139,947කි.