අඹුසැමි යුවලක් මියයයි – බිරිඳට කොරෝනා

කොවිඩ් ආසාදනය වී අඹු-සැමි යුවලක් මියයෑමේ පුවතක් බගවන්තලාව සිරිපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.

කොවිඩ් වෛරසය අසාදනය වී බිරිඳ මියගොස් දින 3කට පසුව එනම්, ඊයේ (16) දින රාත්‍රියේ සැමියා ද මියගොස් ඇත.

තිදරු මවක් වූ එම කාන්තාව ඉකුත් 13වනදා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එදිනම ඇය මියගොස් තිබුණි.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවේල් ජේ. ගනේෂ් මහතා පැවසුවේ එසේ මියගොස් තිබුණේ 68 හැවිරිදි කාන්තාවක් බවය.

මියගිය කාන්තාව සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබී තිබුණේ ඊයේ දිනයේදීය. 

ඒ අනුව ඇය කොවිඩ් ආසාදිතව සිට ඇති බව අනාවරණය වී ඇත.

එදිනම රාත්‍රියේ ඇයගේ සැමියා වන 76 හැවිරිදි එස්. වඩිවේල් නැමති පුද්ගලයා ද මියගොස් තිබුණි.