කොවිඩ් අවදානමෙන් ලංකාවම යළිත් රතු වෙයි

මේ වන වි​ට මෙර​ට කොවිඩ් රෝගීන්​ගේ ව්‍යාප්ති​ය දැක්වෙන අවදානම් කලාප සිතියම වසංගත රෝග විද්‍යා අංශය විසින් යාවත්කලීන කර තිබෙනවා.

අධි අවදානම් කාණ්ඩයට ඇතුළත් කරමින් දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ බොහොමයක් රතු පැහැයෙන් වර්ණ ගන්වා තිබෙනවා.

ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මෙ​සේ රතු පැහැයෙන් වර්ණ ගන්වා තිබෙන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.