කෙරවලපිටියට රැගෙන එන ඝන අපද්‍රව්‍ය මගින් විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් (17) වනදා පෙරවරුවේ ආරම්භ වුණා.
කොළඹ – මහනගර සභාව, වෙස්ටන් පවර් පෞද්ගලික ආයතනය සහ ලංකා විදුලිබල මණ්ඩලය විසින් දියත් කරන ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන මෙමගින් දිනකට මෙගාවොට් 10ක විදුලි ධාරිතාවක් නිපදවීමට නියමිත බවයි සඳහන්.
දිනකට මෙම විදුලි බලාගාරය මගින් මෙටි්රක් ටොන් 800ක පමණ නොදිරන කැළි කසල දහනය කර විදුලිය බවට පරිවර්තනය කෙරෙනවා.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේදී.
ලංකා විදුලි බල මණ්ඩලය ,නාගරික සංවර්ධන අධිකාරිය , බස්නාහිර පළාත් සභාව සහ කොළඹ මහ නගර සභාව යන රාජ්‍ය ආයතන සහ එයිට්කන් ස්පෙන්ස් සමාගම සමග එක්ව මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.
කොළඹ නගරයේ දැනට එකතුවන සම්පූර්ණ කුණු ප්‍රමානයම මෙම බලාගාරය තුළ දහනය කිරීමේ හැකියාව පවතිනවා.


