දුම්වැටි සිල්ලරට අලෙවිය තහනම් කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.
මත්පැන් කාලේ බෝතල් අලෙවිය ද තහනම් කිරීමට අවධානය යොමු වී ඇති බවයි දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා සඳහන් කළේ.
ඒ සඳහා අවශ්‍ය නීති මේ වනවිට කෙටුම්පත් කරමින් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර දුම්වැටි භාවිතය නිසා මෙරට පුද්ගලයින් 60 දෙනෙකු දෛනිකව මිය යන බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
මත්පැන් භාවිතයෙන් දෛනිකව පුද්ගලයින් 55 දෙනෙකු මිය යන බවයි දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය කළ එම සමීක්ෂණයේදී හෙළි වී ඇත්තේ.

