16 හැවිරිදි දැරිය පාසල් නොයැවා ලැගුම්හලට ගෙන ගිය දෙදරු පියෙකු මාට්ටු

හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක් ලැගුම් හලකට රැගෙන ගොස් අයුතු ලිංගික හැසිරීම්වල නිරත වීමට උත්සාහ කළ 34 හැවිරිදි විවාහක පුද්ගලයකු සහ ඔහුට ලැගුම්හල ලබාදුන් 64 හැවිරිදි ලැගුම්හල් කළමනාකරු අත්අඩංගුවට ගත් බව කොටවිල පොලිසිය පවසනවා.

කොටවිල පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු සහ බාලවයස්කාර දැරිය ලැගුම්හල තුළදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

16 හැවිරිදි බාලවයස්කාර දැරිය උදෑසන පාසලට බසයෙන් පැමිණෙමින් සිටියදී සැකකරු විසින් දැරිය මාතර ගොඩගම ප්‍රදේශයේදී බසයෙන් බස්සවා සැකකරුගේ ත්‍රිරෝද රථයෙන් ලැගුම්හල වෙත රැගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.

සැකකරු දෙදරු පියෙකු බවත්, ත්‍රිරෝද රැකියාවේ නිරත වන අයකු බවත් සිදුකළ විමර්ශනයන්හිදී අනාවරණය වී තිබෙනවා.