මුඛ ආවරණ දෙකක් පැලඳීමෙන් වැඩි ආරක්ෂාවක් – අමෙරිකානු වසංගත රෝග ආයතනය

මුඛ ආවරණ දෙකක් එක්වර පැලඳීමෙන් කොවිඩ් වෛරසයෙන් වැඩි ආරක්ෂාවක් ලබාගත හැකිවනු ඇතැයි අමෙරිකානු වසංගත රෝග ආයතනය පවසයි.

ශල්‍ය මුහුණුආවරණයක් පැලඳ එය ආවරණය වන ලෙස රෙදිවලින් සෑදු මුඛ ආවරණයක් පැලඳීමෙන් වෛරසකාරකයන්ගෙන් සියයට 92.5ක ආරක්ෂාවක් ලබාගත හැකි බවද ඔවුන් පෙන්වාදෙයි.