Artemis II: වසර 53කට පසු මිනිසා යළිත් සඳ ගවේෂණයට පිටත් වෙයි

වසර 53කට පසුව සඳ ගවේෂණ චාරිකාවක් සඳහා ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් “Artemis II “ යානය සාර්ථකව ගමන් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (02) අලුයම 4.00ට පමණ මෙම යානය සිය මෙහෙයුම් කටයුතු ෆ්ලෝරිඩාවේ කේප් කැනවරල්හි පිහිටි කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ආරම්භ කරනු ලැබීය.

මේ සඳහා එක් වන ගගනගාමීන් වන්නේ Reid Wiseman, Victor Glover, Christina Koch, Jeremy Hansen යන අය යි.

Christina Koch යනු සඳ බලා යන පළමු කාන්තාව වනවා, එසේම Victor Glover යනු සඳ බලා යන පළමු කළු ජාතික පුද්ගලයා වනවා.

දින 10ක ගවේෂණ චාරිකාවක් වන මෙහිදි සඳ මත ගොඩබැසීමක් හෝ කක්ෂගත වීමක් නොවන බව වාර්තා වේ. ඒ වෙනුවට ඔවුන් සඳ වටා ගමන් කර (Lunar flyby) නැවත පෘථිවියට පැමිණීමට නියමිතයි.

මිනිසා සඳ මත පා තැබීමෙන් අනතුරුව සඳ ආසන්නයට මිනිසුන් ගමන් කරන පළමු අවස්ථාව මෙය ලෙසයි දැක්වෙන්නේ.