ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ

අද (02) අලුයම නැගෙනහිර ඉන්දුනීසියාවේ ඇති වූ භූකම්පනයෙන් ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.

රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය හේතුවෙන් එහි කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ඇතුළත භයානක සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් ද එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) විසින් සිදුකර තිබුණි.

කෙසේවෙතත් හවායි හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයේ භයානක සුනාමි රළ ඇති විය හැකි බවය.

භූ කම්පනය නැගෙනහිර ඉන්දුනීසියාවේ Tanimbar (ටැනිම්බාර්) දූපත් කලාපයට ඔබ්බෙන් වූ මුහුදේ පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 97 ක් ගැඹුරින් සිදුව ඇත.