ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 මාර්තු මාසය සඳහා වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 මාර්තු මාසය සඳහා 2.2% ක් දක්වා වැඩි වී ඇත.
එය 2026 පෙබරවාරි මාසය සඳහා 1.6% ක් ලෙස වාර්තා වී තිබුණි.
2026 මාර්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්ෂ්යමය) 0.7% දක්වා වැඩි වී ඇති අතර එය 2026 පෙබරවාරි මාසයේ දී 0.2 % ක් ලෙස සටහන් වුණා.
2026 මාර්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්ෂ්යමය) 2.9% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2026 පෙබරවාරි මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වී තිබේ.

