කොළඹ උද්ධමනය මාර්තුවේ ඉහළට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 මාර්තු මාසය සඳහා වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 මාර්තු මාසය සඳහා 2.2% ක් දක්වා වැඩි වී ඇත.

එය 2026 පෙබරවාරි මාසය සඳහා 1.6% ක් ලෙස වාර්තා වී තිබුණි.

2026  මාර්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)  0.7% දක්වා  වැඩි වී ඇති  අතර එය 2026 පෙබරවාරි මාසයේ දී 0.2 % ක් ලෙස සටහන් වුණා.

2026 මාර්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  2.9%  ක් දක්වා වැඩි වී ඇති අතර එය 2026 පෙබරවාරි මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වී තිබේ.