හෙට (01) දිනයේ එනම් අප්‍රේල් 01 වෙනිදා ඔත්තේ සහ ඉරට්ටේ යන අංක දෙකම සහිත රථ වාහන සඳහා ඉන්ධන ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි කළමනාකරණ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේ අද (31) සහ හෙට (01) දෙදිනම ඔත්තේ දිනයන් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

